Header Ads

"දැන්ම ගන්න එපා තව ටිකක් එයාලට මගේ බඩේ ඉන්න දෙන්න කියලා.." වචනයෙන් කියන්න බැරි ඒ හැඟීම ඇයට දැනිලා වසරක්..


 මේ ලෝකේ සුන්දරම අත්දැකීම ඒක වෙන්න ඇති..


ඒ හඟීමට සමාන කරන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකයේ තවත් නැහැ.. බුවනි දියලගොඩ.. 

අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. ඇය කාලයත් එක්ක දැන් රංගනයෙන් ඈත් වෙලා..

ඒ ඇයි කියලා දන්නාවාද..? ඇගේ මුළු ලෝකයම හැඩ කරන පුංචි තරු දෙකක් දැන් ඇය ළඟම ඉන්න නිසා..

ඉතින් මේ පුංචි පැටව් දෙන්නා මේ ලෝකයට ඇවිල්ල අදට හරියටම අවුරුද්දක්ලු.. ඉතින් ඒ ලස්සන දවස ගැන බුවනි මෙන්න මේ වගේ සටහනක් ඇහේ මුහුණු පොතට එක්කරලා තිබුණා..

"මගේ මේ ජිවිතේ වැඩියෙන්ම සතුටු වුන,වැඩියෙන්ම භය වුන දවස තමයි 2023.04.15.ඒ මාස 9ක් පුරාවට මගේ කුසේ තියන් ඇස් දෙකටත් වඩා වැඩියෙන් රැකපු මගේ පුංචි පැටව් දෙන්නා මගේ අතට ලැබුන දවස.මගේ දෝණි..මගේ පුතේ..ඔයාල දෙන්නගේ මුණ දකින්න තියන ආසාව වගේම ඔයාල දෙන්නා හොඳින්ද? සනීපෙන්ද කියලා හරියටම දැනගන්නකම් තිබුන භය කියන්න මට තේරෙන්නේ නෑ.ඒ සතුටයි භයයි එකට එකතු වෙලා දැනෙන හැඟීම දන්නේ අම්මා කෙනෙක් විතරක්ම වෙන්න ඕනේ .මට අද වගේ මතකයි Doctor ඔයාලා දෙන්නව එලියට ගන්න හදන වෙලාවේ මම අඬ අඬ කිව්වා " දැන්ම ගන්න එපා තව ටිකක් එයාලට මගේ බඩේ ඉන්න දෙන්න කියලා" මට ඕන වුනේ ඒ තරම්ම මගේ ලඟින් ඔයාලා දෙන්නව තියා ගන්න.ඒ කියලා විනාඩියක් ගියේ නෑ මගේ දෝණි හයියෙන් අඬනවා මට ඇහුනා.ඔයාලගේ තාත්තා නම් කිව්වේ පැටව් දෙන්නාට වඩා හයියෙන් මම ඇඬුවා කියලා.එත් මම දැනගෙන හිටියේ මටත් වඩා ඔයාලගේ තාත්තා භයෙන් හිටියේ කියලා.මොකද එයාට අපි තුන්දෙනවම ගොඩක් වටින නිසා.මගේ දුවේ,මගේ පුතේ ඔයාලා දෙන්නා කවදා හරි දවසක මේ සටහන දකී කියලා හිතනවා.මට කියන්න තියෙන්නේ මෙච්චරයි,ජිවිතේ කවමදාවත් ඔයාල දෙන්නා අපිට ණය නෑ. ඔයාලා අපි දෙන්නා ලඟට අවේ අපිට ඕන නිසා.ඒ වෙනුවෙන් අපේ පණටත් වඩා වැඩියෙන් තාත්තයි අම්මයි ඔය දෙන්නට ආදරේ දෙනවා,රකිනවා,පුළුවන් උපරිම දේ කරලා සතුටින් තියනවා කියලා පොරොන්දු වෙනවා.මගේ දෝණි, මගේ පුතේ ඔයාලගේ අම්මයි තාත්තයි විදිහට අපි දෙන්නව තෝර ගත්තට ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතී.ලෝකේ තියන උතුම්ම පදවිය අපිට ලැබුනේ ඔය දෙන්න නිසයි.ඒ වෙනුවෙන් ඔයාල දෙන්නට පිං..මගේ රත්තරං පැටව් දෙන්නටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..
සුභම සුභ උපන්දිනයක් වේවා මගේ පැටව්නේ.."







No comments

Powered by Blogger.