Header Ads

එදා දෙහිවලදී දුම්රියක ගැටුණු රවිදු සහන්ව මතකද? මෙන්න දැන් රවිදුගේ බිරිඳට වෙලා තියෙන දේ...


 මීට අවුරුද්දකට කලින් දෙහිවලදී දුම්රියක ගැටී අවසන් ගමන් ගිය ඒ කඩවසම් තරුණයාව ඔබට අමතක නැතුව ඇති.... 


හීන හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් විදෙස් ගත වෙන්න හිටපු ඔහු, දුරකතනය කන තබාගෙන ගිය මාරාන්තික ගමන අවසානයේ දුම්රියකට බිලි වී තිබුණා.

දැන් කාලය ගෙවිලා ගිහිල්ලා.. එදා කොහොම වුණත්... වසරක් ගෙවෙන අද දවසෙත් රවිදුට ආදරේ කරපු රවිදුගේ ආදරණීය බිරිද, රවිදු වෙනුවෙන් සංවේදී සටහනක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.

තවමත් රවිදු අමතක නොකර මතක තියාගෙන ඉන්න බිරිද ගැන ගොඩක් දෙනා හොද කියලා තිබුණා.

දිනෙන් දින අතීතය එක පෙලට
සිහිවෙනා..
නුඹ එක්ක මැව් හීන හිත ඇතුලේ
රජවුණා..
අනිත් අය මගේ දුක් දැන ගනියි
සිහිවුණා..
නුඹව හිත මත තියා මම උඩින්
හිනවුණා..

වේදනාවන් දරා දවස දෙක
ගතවුණා..
අනිත් අය කර තියා ජීවිතේ
ගොඩවුණා..
නොදැනීම නුඹ නැතුව වර්ෂයක්
ගතවුණා..
ඒ වුණත් අතීතය තුරැලු කර දරාගෙනා..
ඇත්ත ආදරය මත නිවන මම පතන්නා..

"2024.03.18 නුඹ අප අතරින් වෙන්වී අවුරැද්දක් ගත වී ඇත.නුඹ වෙනුවෙන් දරාගෙන,උතුරන කදුලු මේ පපුවටම එක් කරගෙන මං මේ ගමනේ හුස්ම අල්ලගෙන ඉන්නේ ඔයාට මේ සසර මග මෙවන් කිසිදු කලක අකල් මරණයක් නොවී සුගතගාමී වූ භවයක් ලැබීමට පිං රැස් කරන්නයි.

මං ගන්න හුස්මක් ගානේම ඔයා වෙනුවෙන් කරන කියන කුසලයන් ඔයාට අනුමෝදන් වේවා!මම,මගේ අම්මා,තාත්තා ඇතුලුව සහෝදරයන්,නෑදෑයන්,යාලුවෝ සහ අසල්වැසියන් එකතු වී කරපු ඔයාගේ වර්ෂ පූර්ණ පිංකම නුඹට නිවනින්ම සැනසෙන්න හේතු වේවා…!

මං ඔයාට හැමදාමත් ආදරෙයි... ඉපදෙන හැම ආත්මෙකම අපි අපේ වෙමු..නුඹ මට හමුවුණ හොදම හමුවීමයි ඉතින් හැම ආත්මෙකම ඔයා වෙනුවෙන් මං ඉන්නවා..ඉක්මනින් හමුවෙමු එතකන් පරිස්සමින් ඉන්න මගෙ මැණික! ආදරෙයි හැමදාම්..."






No comments

Powered by Blogger.