“මට දැන් සැප ජීවිතයක් තියෙනවා, රඟපාන එක දුකක්” - ශලනි තාරකා
මෙරට කලා ක්ෂේත්රය තුළ මේවෙනකොට අතිශය ජනප්රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.. ඇත්තෙන්ම මේවෙද්දී ඇය පිළිබඳ මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්... කොහොම නමුත් ජනප්රියත්වයේ ඉහළටම ගිය ඇගේ කලා කටයුතු විවාහයෙන් පස්සේ තරමක් සීමාවෙලා කියල තමයි අපට නම් පේන්න තියෙන්නේ...
කෙසේවෙතත් පහුගිය දවසක පැවති රයිගම් ටෙලීස් සම්මාන රාත්රියෙන් අනතුරුව යූටියුබ් නාලිකාවකින් කළ විමසීමකදී ඇය සිය අනාගත කලා කටයුතු ගැන වගේම සිය වර්තමාන ජීවිතය ගතකරන ආකාරය ගැන අදහස් දක්වලා තිබුණා.. එහිදී ඇය කියල තිබුණේ මෙහෙම කතාවකුයි....
"කලා කටයුතු ගොඩක් සීමා වෙයි. මං මේ ලංකාවට ආවෙ භාරගත්ත වැඩකටයුතු ටිකක් ඉවර කරන්න. ඉදිරියේදී හරිම සීමිත ප්රමාණයක්, තෝරා - බේරාගත්ත හොඳම කියන දේවල් ටිකක් විතරක් කෙරෙයි කාලෙත් එක්ක.
රඟපානවා කියන එක ලේසි නෑ, දුකක්. ඇත්තටම මාර කට්ටක්. එච්චර කට්ටක් කන්න ඕන නෑ මට දැන් සැප ජීවිතයක් තියෙනවා. ඉතිං ඒ සැප ජීවිතේ අත්හැරලා මං ආපහු දුක විඳින්න ආවෙ මගෙ වෘත්තියට මං තාමත් ගරු කරනවා, මං ඒකට අවංක නිසා. මම මගේ නිර්මාණ වෙනුවෙන් අවංකව වැඩ කරන කෙනෙක්."
ඉතින් මේවෙනකොට කලා ක්ෂේත්රය තුළ අතිශය ජනප්රියත්වයට පත් ඇගේ ඉදිරි කලා කටයුතු සියල්ල සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියල අපිත් ඇයට හදවතින්ම සුභ පැතුම් එකතු කරනවා

No comments