Header Ads

අලුත් අවුරුද්දට අලුත් නැකැත් සීට්ටුවක්


 මෙවර අලුත් අවුරුදු නැකැත් ගැන විවිධ කතා බහ නිර්මාණය වුණා..


ඒ සමඟම මේ නැකැත් සංශෝධනය වෙනවාද නැද්ද කියන එක ගැන ගොඩක් දෙනෙක් කතා වුණා.. 

කොහොම වුණත් මෙවර අලුත් අවුරුද්දට විකප්ල නැකැත් සීට්ටුවක් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා..

මෙවර අලුත් අවුරුද්ද සඳහා රාජ්‍ය නැකත් කමිටුව ඉදිරිපත් කර ඇති නැකත් සීට්ටුව දෝෂ සහිත බව පවසමින් ජ්‍යොතිර්වේදීන් පිරිසක් විසින් අද විකල්ප නැකත් සීට්ටුවක් ඉදිරිපත් කළා...

ඔවුන් පවසන්නේ අලුත් අවුරුදු උදාව රාත්‍රියේ සිදුවන බැවින් නැකත් චාරිත්‍ර ඊට ගැලපෙන අයුරින් සංශෝධනය කළ බවයි..

ඒ අනුව,

අලුත් අවුරුදු උදාව - අප්‍රේල් මස 13 අපරභාග 09: 05
සංක්‍රාන්තික කාලය - අප්‍රේල් මස 13 වැනිදා අපරභාග 02:41 සිට අප්‍රේල් මස 14 වැනිදා අලුයම 03:29 දක්වා
පුන්‍ය කාලය - අප්‍රේල් 13 මධ්‍යහන 12:11 සිට අපරභාග 06:19 දක්වා පවතින අතර සුබ නැකැත් යෙදීම පසු දින එනම් අප්‍රේල් මස 14 පූර්වභාග 06:17 ට යෙදේ..
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් 14 පූර්වභාග 07:07ට යෙදේ.. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 පූර්වභාග 10:23 ට යෙදෙන අතර, රැකීරක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 17 පූර්වභාග 06:54ට යෙදී තිබෙනවා.. 

No comments

Powered by Blogger.